ජල්තර දී හොර සල්ලි මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

Share

ව්‍යාජ මුදල් නෝට්ටු තම නිවසේ සිටම මුද්‍රණය කළ පුද්ගලයෙක් ජල්තර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජල්තර වැලිපිල්ලෑව සුමනසේකරපුර ප්‍රදේශය අවට වෙළඳසැල්වලින් ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයෙකු පිළිබඳ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණ වී ඇත්තේ හෝකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී කුඩා මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කරන බවයි.

සැකකරු අද(19) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News