දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දිය යුතුයි

Share

දහම් පාසල තුළින් සිදු කෙරෙන්නේ සමාජයට අතිවිශිෂ්ඨ කාර්යයක්, දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීලා කටයුතු කළොත් අපිට පුළුවන්වේවි මනුෂ්‍ය භාවයෙන් සපිරි සමාජයක් බිහි කරන්න බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අන්තවාදි විදියට ෆුට් බෝලයක් වගේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ගහන්නෙ නැතිව, දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතු බව අමාත්‍යවරයා පවසයි.

පසුගිය දිනවලදී අපි පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා. එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.

සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම දෙනාටම හදවතින් රටට සාමය ගේන්න පුළුවන්, බෞද්ධගමට මුල් තැන දීලා, ඒකීයභාවය රැකගෙන, සියළු දෙනාටම මේ මගේ රට කියලා එකට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් තමයි ඉන් ඇති කරන්න හදන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා කොළඹ, ස්ටේඩියම්ගම දහම් පාසල යළි ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

මෙම දහම් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යවරයා විසින් රු.දසලක්ෂයක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකෙරිණි.

Read more

Local News