මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය, වොක්ෂෝල් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔහු සතුව තිබී හෙරෙයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 350ක් ද අයිස් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 540ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වොක්ෂෝල්වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අලුත්කඩේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News