නිල නොලත් අගමැති ගැන ගම්මන්පිල කියයි

Share

නිල නොලත් අගමැතිවරයා බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ පිටුපස ඉන්නේ සුමන්තිරන් මහතා බවත් එතුමාගේ ප්‍රකාශ අගමැතිවරයා විසින් ක්‍රියාත්මක කරන බව ද මෙහිදී ගම්මන්පිල මහතා පැවසීය.

යාළුවන් සමඟ මිත්‍රත්වයට සුමන්තිරන් මහතාට මාධ්‍ය සිටින බව අමතක වී උතුරු පළාතට ගිය විට “මම තමයි ඔවා කරන්නේ “ කියලා පවසන බව ද කියා සිටි ගම්මන්පිල මහතා,  “ආණ්ඩුව තියෙන්නේ අපේ අතේ ඕනෑම මොහොතක පෙරළන්න පුළුවන් “යනුවෙන් ද සුමන්තිරන් මහතා පැවසු බව ද කියා සිටියේය.

එනිසා මොවුන් විසින් ගෙන ඒමට සැරසෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවට එහා ගිය ව්‍යවස්ථාවක් බවත්, ලංකාවේ සැබෑ නායකයා සුමන්තිරන් මහතා බව තමන් පෙර සිටම පැවසු අතර අද වන විට ඔහු විසින්ම එය පැවසීම පිළිබඳ තමා සතුටු වන බවත් ගම්මන්පිල මහතා පැවසීය.

Read more

Local News