රනිල් හා සජිත්ගේ සටනක් ගැන පවිත්‍රා කියයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ හටගෙන ඇති අර්බුදය ත්‍රීව්‍ර වීම නිසා රටේ ආර්ථිකයටද එය බලපා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මාසයේ, රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී සජිත් ප්‍රේමදාසට හොරෙන් උදව් කල කිසිවෙකුට නියෝජ්‍ය අමාත්‍යධූරයක් හෝ ලබා නොදුන් බව ද මන්ත්‍රීවරිය පැවසීය.

පසුගිය කාලයේ සරත් ෆොන්සේකා හා තෙවරප්පෙරුම යුද්ධ කරගත් බවත්, රවීගේ මංගලගේ ගල උඩ සටනක් ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑවක් කර ගැනීමට විශාල උත්සහයක් ගනිමින් සිටින බවත් කියා සිටියාය.

රනිල්-සජිත් ගැටුම බලපතළ ලෙස අද වන විට එක්සත් ජාතික පක්ෂයේ තීව්‍ර වී ඇති බව ද කියා සිටි මන්ත්‍රීවරිය එය ආර්ථිකයට විශාල වශයෙන් බලපෑ ඇති බව ද පැවසීය.

Read more

Local News