ගිනිඅවි 2ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ගිනිඅවි දෙකක් හා පතුරම් තොගයක් සමඟ අයෙකු කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.

ඔහු පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ද වෙයි.

ආරක්ෂක අංශ පැවසූවේ වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පලෙයි කරන්තායි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබි ගිනි අවි දෙකක් හා පතුරම් 150 කට ආසන්න ප්‍රමාණයක්, තවත් ආයුධ තොගයක් ‍අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවන බවයි.

Read more

Local News