Tuesday, March 19, 2024.

විදෙස් දුම්වැටි සමඟ 2ක් රේගු අත්අඩංගුවට

Share

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වෙයි.

මොවුන් දෙදෙනා සිය ගමන් මලුවල රුපියල් විසි නව ලක්ෂ හතලිස් දහස් තුන් සීයයක් (29,40,300) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 53,460 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ බව රේගුව සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.

Read more

Local News