සේනා නසන්න විධිමත් වැඩපිළිවෙලක්

Share

සේනා දළඹු උවදුර මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේ ඊයේ(21) පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාතවරුන්ගේ රැස්වීමේදීයි.

මෙම උවදුර මැඩලීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පියවර ගන්නා ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ්‍.

එමෙන්ම අදාළ ගැටලූව පිළිබඳව ගොවීන් සහ ජනතාව දැනුවත් කිරීමට විධිමත් පියවරක් ගන්නා ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

තායිලන්තය සහ ඉන්දියාව ඇතුලූ විදේශ රටවලින් සේනා දළඹු උවදුර මැඩලීම සඳහා සහාය ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවයි එම සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍ය දයා ගමගේ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

මේ අතර මෙම උවදුර සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්විමේදී ද සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේය.

එමෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සේනා දළඹුවා මැඩලීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යයාලයේදී පැවැත්වීමට නියමිතයි.

සේනා දළඹු විශේෂයේ වැඩිම ව්‍යාප්තියක් වාර්තා වන්නේ අනුරාධපුරය පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්කවලිනි.

එම දළඹු විශේෂය ඉන්දියාවේ සිට මෙරටට සංක‍්‍රමණය වී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී යි.

ගතවූ වසර 3 තුළ මෙම සේනා දළඹු විශේෂ ඉන්දියාව ඇතුලූ රටවල් 44ක ව්‍යාප්ත වී තිබේ.

Read more

Local News