අසාද් සාලිට එරෙහි විශ්වාසභංගය අද

Share

අද (22) දින බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.

මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට විරුද්ධව එල්ලවී තිබෙන බවත්,එවැනි චෝදනා ලැබූවෙකු ආණ්ඩුකාරධුරයට පත්කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් සිදුවී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස ඉදිරිපත්වූ බවත්,අද පෙරවරුවේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී පළාත් සභා රැස්වීමේ න්‍යායපත්‍රයට එම යෝජනාව ඇතුළත් කරගන්නා ආකාරය සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News