මිලියන 1080ක කුඩු එක්ක 5ක් මාට්ටු

26

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 90 ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යබලකාව ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර අැති අතර කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසක මෙම හෙරොයින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනෙක් ඇමෙරිකානු ජාතිකයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29 හා 43 ක් වන බව පොලීසිය සඳහන් කරයි.

අනෙක් සැකකරු ඇෆ්ගන්ස්ථාන ජාතිකයෙක් වන අතර ඔහු වයස අවුරුදු 41 ක් බව ද අනාවරණය වී තිබේ.

ලාංකීකයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 41 හා 39 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව ද පොලීසිය සඳහන් කරයි.