කටානේදී පොලිස් පිස්තෝලයක් පත්තු වෙයි – අයෙක්ට තුවාල

Share

කටාන පොලිස් වසමේ හරිස්චන්ද්‍රපුර දී ඊයේ(22) සවස වෙඩි වැදීමක් සිදුව තිබේ.

ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එහි සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයා ගොස් ඇත.

එහිදී සොයා ගිය සැකකරුගේ ඥාති පුද්ගලයෙකු විසින් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරියෙකුට පොල්ලකින් පහර දී නිලධාරියා සතු පිස්තොල අවිය උඳුරා ගැනීමට තැත් කර තිබේ.

එහිදී පිස්තෝලය පත්තු වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ දකුණු අතට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර පොලිස් ‍කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News