අඛණ්ඩ ජල විදුලියට කෘතිම වැසි

Share

වියලි කාලගුණික තත්ත්වයන් තුළදී ජල විදුලිය අඛණ්ඩව ලබා ගැනීම සඳහා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දින සිය අමාත්‍යංශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

මේ අතර වියලි කාලගුණික තත්ත්වයන් තුළදී ජල විදුලි බල ජනනයට පවතින ගැටළුවට පිළියමක් වශයෙන් කෘතිම වැසි ඇති කිරීමේ  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව  වාර්තා වෙයි.

තායිලන්ත රජයේ තාක්ෂණික ඥානය උපයෝගි කර ගනිමින් මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News