අභියාචනාධිකරණ ධූරයන් සඳහා අවසන් තීරණයක් නෑ

Share

ඊයේ (23) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළයුතු අතර ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන්හි මේ වන තෙක් පුරප්පාඩු වී පවතින සාමාජික ධූරයන් සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අදාළ නාමයන් නිර්දේශ කර ජනාධිපති වෙත දන්වා යැවිමට පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා නම් 06 ක් ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා එක් නමක් ද මෙහි අන්තර්ගත වෙයි.

Read more

Local News