ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

පුද්ගලික ආරක්ෂාව, දේපල ආරක්ෂාව සහ පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන වෙත ලබාදි ඇති සියලුම ගිනි අවිවල සංගණනයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම ගිනි අවිවල නිවැරදිතාව පරික්ෂා කිරීම සඳහා සංගණනය සිදු කරන අතර එම දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ක්‍රිඩා කටයුතු සදහා ලබාදී ඇති ගිනි අවි සංගණනය සහ නිවැරදිතාවය පරික්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන අතර එම කටයුතු අද දිනයෙන් අවසන්විමට නියමිතයි.

ජාතික රයිෆල් සංගමය සහ ජාතික ක්‍රිඩා වෙඩි තැබිමේ සංචිතයට ක්‍රිඩා කටයුතු සඳහා පමණක් ලබාදී ඇති ගිනි අවි මෙහිදි සංගණනය සිදු කොට 2019 වර්ෂය සඳහා ලියාපදිංචිය සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

පුද්ගලික ආරක්ෂාව, දේපල ආරක්ෂාව සහ පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන වෙත ලබාදී ඇති අනෙකුත් සියලුම ගිනි අවි 2019 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කරයි.

Read more

Local News