රථයක් මාර්ගයෙන් ඉවතට පැන කතුන් දෙදෙනෙකු මරුට

22

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ කරවිල කොටුව දහ නවය කනුව ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුග ගසක හැපීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් සිවුදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.

බුත්තල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර එම අනතුරට ලක් වී ඇත්තේ හොරබොක්ක පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව බුත්තල පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

පසුව එක් කාන්තාවක් ඊයේ (23) රාත්‍රි සහ අනෙක් කාන්තාව අද (24) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බව මොණරාගල රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

අනතුර සිදු වන අවස්ථාවෙදී වෑන් රථයේ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනකු සිට ඇත.

මෙම අනතුරට ලක් වී ඇත්තේ වයස අවුරුදු විසිදෙකත් හැට අටත් වයස් අතර පසුවන පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලීසිය සිදු කරයි.