කොළඹ නාවික අභ්‍යාසය එළඹෙන 26 වැනිදා සිට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිි කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice Conex 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්රාට සහභාගිවිමට නියමිතව ඇති අතර මෙම නාවික අභ්‍යාසය වරාය සහ සාගරය වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට නියමිතය.

එහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරිම මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම,  නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතය.

එළඹෙන පෙබරවාරි 04 වන දින පැවැත්විමට නියමිත 71 වන ජාතික නිදහස් දින නාවික හමුදාව විසින් නෞකා අචාරය සිදු කිරීමට සුදානම් කර ඇති අතර,  එහි පෙරහුරුවන්හි සමාරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වශයෙන් ද මෙය හැදින්විය හැක.

Read more

Local News