සමෘද්ධි බැංකුවල බොල් ණය කඩිනමින් අයකර ගැනීමට පියවර

Share

බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර තුළ දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

එසේම සමස්ත බොල්ණය දත්ත ඇතුළත් සවිස්තර වාර්තාවක් සතියක් තුළ තමාවෙත ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News