ලිංගික උත්තේජන පෙති තොගයක් අත්අඩංගුවට

Share

නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .

අදාළ සැකකරු ඊයේ (23) සවස 5.00 ට මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ (වියාග්‍රා , වියිමැක්ස් , මැක්ස් මෑන් ) විශාල ප්‍රමාණයක් ද , ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාළයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read more

Local News