බලය බෙදිය නොහැකියි – ධම්මරතන හිමි

Share

රාජ්‍යයක් පවත්වා ගෙන යාමට නම් බලය කේන්ද්‍රගතව තිබිය යුතු බව  පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසීය.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (25) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

අද වන විට ලෝකයේ සෑම තැනකම අවධානයට ලක්ව ඇත්තේ බලය බෙදීම වන බවත්, බලය කිසිදා බෙදිය නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

බලය බෙදපු ගමන් නැති වී යන බව ද පැවසු ධම්මරතන හිමියන් බලය යනු එකතු වී ගොඩ නඟා ගන්නා දෙයක් බව ද සඳහන් කළේය.

ආණ්ඩුවක් සතුව බලයක් තිබිය යුතු බවත්, බලය එකතු කරමින් මිනිසුන්ට අයිතීන් හා සම්පත් බෙදා දිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්පත් යනු භූමියක් නොවන බවත්, මහ පොළොවේ අයිතිය ඇත්තේ රාජ්‍යයට බවත් බලය එකට එකතු වන විට රාජ්‍ය විසින් භූමිය පාලනය කළ යුතු බව ද උන්වහන්සේ පැවසීය.

Read more

Local News