කුඩු සමඟ අයෙක් දැලේ

Share

බදුල්ල පොලිස් වසමේ පිංආරාව බෝධිය අසලදී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අැත.

බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ඊයේ(25) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරු ඉළුක්තැන්න, කටුපැලැල්ලගම, බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 36ක් වූ අයෙකි.

සැකකරු අද(26) බදුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News