මහා පරිමාණයේ කසිප්පු ජාවාරමක් වටලයි

Share

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් ඇතිලිවැව වාසනාගම ප්‍රදේශයේ දී ඊයේ(25) පස්වරුවේ දී සිදු කළ වැටලීමකදී මහා පරිමාණයේ මත්පැන් ජාවාරමක් වටලා තිබේ.

එහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක්, ගෝඩා මිලිලීටර් පන්ලක්ෂ හතලිස් දහසක් සහ පේරීම් උපකරණ රැසක් සමඟ එක් සැකකරුවකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ කලක සිට මෙම ජාවාරම ජයටම පවත්වාගෙන ගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු බව කුඩාඔය පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Read more

Local News