ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී රිය සහයක රෝහලට

Share

නානුඔය පොලිස් වසමට අයත් තලවාකැලේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් අද(26) පෙ.ව 6.00 ට පමණ අනතුරක් සිදුව තිබේ.

එම අනතුරෙන් ලොරි රථයේ සහයකවරයා බරපතල තුවාල ලැබීම නිසා නුවරඑළියේ මුලික රෝහලට ඇතුලත් කළ බවත් රියදුරාට සුළු තුවාල සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.

මෙසේ අනතුරට පත්වුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ සිට ආගරපතන ගව ගොවිපල සඳහා දහයියා වලින් සාදන ලද ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකි.

අනතුරට පත්වන අවස්ථාවේ ලොරි රථයේ ගව ආහාර ටොන් 13 ක් තිබු බව රියදුරා පවසයි.

ලොරි රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා පාලනයෙන් මිදී මාර්ගය හරහා පෙරලී ගිය බව රියදුරා පොලීසියට පවසා තිබේ.

නානුඔය පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News