ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඊයේ (26) දින කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය සඳහන් කරයි.
පොලිසියට ලද  තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩුගම හා ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් හා 47 ක් වන දෙදෙනෙකු වන අතර සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News