වතු කම්කරුවන්ට සිදුවූ දෙයක් ගැන තොණ්ඩමන් කියයි

Share

රජයේ මැදිහත්විමක් සිදු වු බැවින් වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකය ලබාදිම හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ (26) දින කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල්  200කින් සහ පැමිණිමේ දිමනාව රු.50 කින් සහ අමතරව නෙලන තේ දළු කිලෝවක් සඳහා රු.15 ක් වශයෙන් නව වැටුප් වැඩි කිරිම සිදු කළ බවයි.

මේ අනුව වතුකම්කරුවෙකුගේ මුලික වැටුප් රුපියල්  700 දක්වා ඉහළ යන අතර එම වැටුප එක් දිනක සේවයට වාර්තා කලද එම වැටුප ලැබෙන බව තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ට ලබාදුන් නව වැටුපට වැඩියෙන් යම් මුදලක් ලබා දිමට කිසියම් පාර්ශවයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවද තොණ්ඩමන් මහතා පැවසිය.

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වසර දෙකකට බල පැවැත්වෙන සේ ඉදිරි සතියේදි දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවත්, එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසු මාස තුනක හිඟ වැටුප්ද වතු කම්කරුවන්ට ලැබෙන බව තොණ්ඩමන් මහතා පැවසීය.

Read more

Local News