ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට

Share

යාපනය ප‍්‍රදේශයේදී ඊයේ(27) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආවා කල්ලියේ සාමාජිකයන් 3 දෙනා අද(28) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම නියෝගය නිකුත් කළේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය මඟිනි.

යාපනය ආවා කල්ලියේ සාමාජිකයන් තුන් දෙනෙකු යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ පෙරවරුවේදීයි.

එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ යාපනය නාච්චිඅම්මාන් කොවිල අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප‍්‍රදේශයේ පදිංචි 19, 23 සහ 25 යන වයස්වල පසුවන තරුණයින් වෙයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සමඟ කඩු 2 ක්ද පොලිස් භාරයට ගත් බවයි.

යාපනය නාච්චිඅම්මාන් කොවිල අසලදී  කිසියම් පිරිසක් විසින් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී තුවාල කර තිබුනේ පසුගිය 15 වනදායි.

Read more

Local News