විමල් වීරවංශ CID යට

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.