වේගෙන් අා ත්‍රීරෝද රිය බස් රියේ ගැටේ – අයෙක්ට බරපතල තුවාල

Share

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ නාවලපිටිය සිට ගම්පොළ දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් ගැටි අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරන් ත්‍රීරෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද(28) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දුම්රිය හරස් ගේට්ටුව අසලදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයයේ නිලධාරින්
පැවසුවේ.

අනතුරෙන් බස් රථයට අලාභ හානි සිදු වි ඇති අතර ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු ඇත.

Read more

Local News