විශාල ගැටලුවක් ගැන රවී කියයි

Share

වර්ථමානයේ තිබෙන විශාලම ගැටලුව වන්නේ නායකයෝ නිර්භීතව දේශපාලන තීන්දු නොගැනීම බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

සුපුරුදු විදියට එක් අයෙක් අනෙකාට බෝලය පාස් කිරිමක් පමනක් සිදු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමන්ටත්, ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අවශ්‍ය වන්නේ නිවැරදි නිර්භීත දේශපාලන තීන්දු ගැනීම පමනක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වර්ථමානයේ නිවැරදි දේශපාලන තීන්දුවක්  නොගත්තොත්, ඉදිරි අනාගතයේදී අදුරේ ගමනක් යන්නට සිදු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ 03, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා – 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Read more

Local News