ජොන්ස්ටන් එක් නඩුවකින් නිදහස් වෙයි

Share

2010 වසරේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය සහ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව සිය තීන්දුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව විත්තිකරු අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් ගොනු කළ අතර ඉන් එක නඩුවක තීන්දුව අද(29) ප්‍රකාශයට පත් කර ඇත.

Read more

Local News