මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩක් නෑ

Share

කවුරුන් තනතුරුවලින් ඉල්ලා අස් වුවද ඡන්දයක් පැවැත්විය හැකි නෛතික පදනමක් රට තුළ නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව පියවර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමේ උවමනාවක්ද නොමැති බව ශ‍ෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්වීමට ගත් උත්සාහය ද වත්මන් ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඉවත දැමු බවයි.

මේ අතර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිවිටෙකත් අයිතියක් ලබා නොදෙන බවයි.

Read more

Local News