තලතාගෙන් ජර්මන් රජයට ප්‍රශංසා

Share

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහයෝගයට ජර්මන් රජයට ප්‍රශංසාව පළ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rode මහතා අතර හමුවක් ඊයේ(28) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය.

මෙහිදී දෙරට අතර අධිකරණ කටයුතු නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡා විය.

අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ජර්මන් රජය ලබා දෙන සහයෝගය අගය කරන බවයි.

දෙරටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනය සඳහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණුවීම් වල වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය විය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යනය කිරීම සඳහා මෙන්ම පුහුණු කිරීම්වලදී ජර්මානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙරට විනිසුරුවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම අවබෝධය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ජර්මානු රජය එරට තුළදී ලබා දෙන සහාය අගය කරන බවත් එම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පුහුණු වීම් දැනුවත් කිරීම් ඇතුළු අධිකරණ පද්ධතියේ අනෙකුත් සංවර්ධනයන් සඳහා ජර්මන් රජයේ සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළේය.

Read more

Local News