නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් 276කට වැඩ වරදී

Share

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර අැත.

මෙසේ නඩු පවරා අැත්තේ පුත්තලම දිස්ත්‍රීක්කයේ ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව බව පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.

උත්සව සමය නිමිත්තෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් පුත්තලම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් විසින් කරන ලද වැටලීම් වලදී මෙම නඩු පැවරීම් සිදු කර ඇත.

බොහෝ ව්‍යපාරික ස්ථාන වල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආහාර ළඟ තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට අවවාද කිරීමද සිදු කර ඇත.

Read more

Local News