පාර්ලිමේන්තු මැතිවරණය 2020 දී

13

මැතිවරණ සම්බන්ධයෙන් මත පළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දින කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වසරේදි බවත් ඊට පෙර පැවැත්විය යුත්තේ ජනාධිපතිවරයා බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු  අමාත්‍යවරයා පැවසුවේ පෘළත් සභා ඡන්දය පැවැත්වීම සම්බනධයෙන් තිබේන ගැටළු පළමුවෙන් නිරාකරණය කර ගත යුතු බවයි.