බගවන්තලාවේ වතු නිවාස පෙළක් ගිනි ගනියි

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේලියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අද(29) පෙරුවරු 11.45 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න හට ගන්නා අවස්තාවේ එහි පදිංචි වතු කම්කරුවන් රැකියාවල නිරතව සිටි නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වි ඇත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් පිරිසක් එක්වි පාලනය කිරිමට සමත් වි ඇති අතර ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයද සහයෝගය පසුව ලැබි ඇත.

ගින්නෙන් කිසිවෙතුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 42 දෙදෙනෙකු අවතැන් වි ඇත.

ගින්නෙන් අවතැන් වුවන් එම වතුයායේ හින්දු කෝවිලක තාවකාලිකව නතර කිරිමට වතු පාලන අධිකාරි පියවර ගෙන ඇති අතර ඔහුන්ට අවශ්‍ය අවශ්‍ය පහසුකම් ලබාදිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව ගින්න පිලිබඳව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසිය.

Read more

Local News