එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන්ගේ දත්ත අන්තර්ජාලයට

Share

එච්.අයි.වී. ඒඩ්ස් සඳහා ප්‍රතිකාර ලබන සිංගප්පූරු වැසියන්ගේ හා විදෙස් සංචාරකයන්ගේ අතිශය රහසිගත දත්ත සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

සිංගප්පූරු බලධාරීන් පවසා සිටියේ වර්ෂ 2016 සෞඛ්‍ය දත්ත ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ඇති බවයි.

එච්.අයි.වී. ආසාධිත ඇමෙරිකානුවෙකු මෙම දත්ත සොරාගැනීම සිදුකර ඇති බවට සැක කරන අතර, ඔහුගේ පෙම්වතිය සිංගප්පූරුවේ නමගිය වෛද්‍යවරියක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේදී සිංගප්පූරු අගමැති ලී හසෙන් ලූන්ග්ගේ දත්ත ඇතුළු සිංගප්පූරු වැසියන් මිලියන 1.5කගේ දත්ත සොරාගැනීමකට ලක්ව මසක් ගතවන තැන මෙය සිදුව ඇත.

මෙසේ සෙරාගත් දත්තවල අදාළ ආසාධිතයන්ගේ නම්, ලිපින, ඔවුන්ගේ එච්.අයි.වී. ආසාධිත තත්ත්වය මෙන්ම තවත් සෞඛ්‍ය වාර්තා පවතින බව බලධාරීහු පවසති.

Read more

Local News