මෙරට පරිගණකවලට වෛරසයක්

Share

පරිගණක ආශ්‍රිතව පැතිර යන වෛරසයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකවලට ඇතුළු වන බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් සිය ආයතනය වෙත ලැබී ඇති බවත්, Microsoft Windows 7, 7.1 හා 10 යන පද්ධතිවලට මෙම බලපෑම වැඩි වශයෙන් සිදුව ඇති බවටයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ.

මෙම මෘදුකාංග භාගත කිරීම මඟින් හා ටොරන්ට්(Torrentz download) භාගත කිරීම් මඟින් මෙම වෛරසය පරිගණකයට ඇතුල්විය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය. ඒ තුළින් පරිගණකයේ ඇති ලියකියවිලි හා ඡායාරූප විනාශ වී යා හැක.

එම විනාශයට පත් දත්තවල අඟට “.rumba“ යන නාමයෙන් සටහන් වන බවත්, මෙහි නාමය සැකසී ඇත්තේ ඒ අනුව බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තර්ජනයෙන් වැළකී සිටීමට නම් පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම, නොමිලේ ලබා ගන්නා මෘදුකාංග යවත්කාලින කර ගැනීම හා ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සුදුසු බව ද මීගස්මුල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News