සුජීවගෙන් විවෘත ආරාධනාවක්

Share

වැඩක් කළ හැකි පිරිසකට මෙහිදී විවෘත ආරාධනයක් ඇති බවත් ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට සහය දිය හැකි ඕනෑම පාර්ශ්වයකට විවෘත ආරාධනයක් කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජා – ඇල, ඒකල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ඉදිරි දේශපාලන තත්ත්වය උණුසුම්කාරී බවත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයා සොයා ගැනීමට පවා නොහැකි තරමින් අපේක්ෂකයින් ඉදිරිපත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසූවේ එලෙසින් අපේක්ෂකයින් ඉදිරිපත් වීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් බවයි.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමටද මේ වන විට දක්ෂ පිරිසක් සිටින බවත් ඔහු පැවසීය.

එසේම ජාතික ආණ්ඩුව යන මාතෘකාව වාර්තමානයේදී කතා බහට ලක්වන බව දෙයක් බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

යම් කාර්යයක් කිරීමේදී ඊට බාධා නොකරන සහ ඉදිරි ව්‍යාපෘති වලට සහයෝගය ලබා දිය හැකි ඕනෑම පුද්ගලයෙකුව ජාතික ආණ්ඩුවට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කලේය.

Read more

Local News