සෞඛ්‍ය සේවාවට තවත් හෙද හෙදියන් 1608 ක්

Share

හෙද හෙදියන් 1608 කට ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සහ පත්වීම් ලිපි ප්‍රධානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට(31) දින පෙරවරු 9.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් මෙම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වෙයි.

මෙම පත්වීම්ලාභීන් දිවයිනේ සෑම රෝහලකටම අනුයුක්ත කර ඇත.

සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හෙද හෙදියන් 40,089 ක් අවශ්‍ය වුවත්, දැනට සෞඛ්‍ය සේවාව තුළ හෙද හෙදියන් 35,136 ක් සේවය කරති.

හෙද හෙදියන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින අතර, දැනට හෙද විද්‍යාලවල 9,000 කට ආසන්න හෙද සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබයි.

2017 / 2018 හෙද සිසු සිසුවියන් බඳවා ගැනිම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි මාසයේ දී අවසන් කිරීමට නියමිතය.

මෙවර හෙද සිසු සිසුවියන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබුයේ Online ක්‍රමයට බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II ඩොනල්ඩ් මුරගේ මහතා සඳහන් කරයි.

Read more

Local News