ඥානසාර හිමිගේ අභියාචනා තීන්දුව එළැඹෙන 08 වැනිදා

Share

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව එළැඹෙන 08 දා ප්‍රකාශයට පත්කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා පැවසීය.

ඒ තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිවය.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.

උන්වහන්සේ ඒ සමබන්ධයෙන් ඇපෑලක් ඉදරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අභියාචානාධිකරණය දුන් තීන්දුවක් අනුවය.

Read more

Local News