මාලි රාජ්‍යයේ දී මියගිය හමුදා නිලධාරීන්ගේ දේහයන් 2 වනදා මෙරටට

Share

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 දා දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගුවන් යානයකින් පෙබරවාරි 02 දා 03.00ට මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ  දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතයි.

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිදා ජීවිතක්ෂයට පත් විය.

ඔවුන්ගේ රාජකාරී කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ අතර ආරක්ෂක ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් වෙනත් කණ්ඩායමක් ඊට අනුයුක්ත කිරීමට හැකියාව ලැබුණේ නැත.

එම තත්ත්වය මත දැනට රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන් අඛණ්ඩව එහි රාජකාරී සඳහා යෙදවීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව අදාළ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූ සාමාජිකයින් වෙනුවට වෙනත් හමුදා සාමාජිකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News