කළුවාමෝදර අනතුරකින් කාන්තාවන් 2ක් මරුට

Share

අද(30) අළුයම 4.30 ට පමණ අළුත්ගම පොලිස් වසමේ ගාල්ල-කොළඹ මාර්ගයේ කළුවාමෝදර ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙන බවට වාර්තා වෙයි.

ගාල්ල දෙසට ධාවනය වු ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක සහ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පදික කාන්තාවන් දෙදෙනා සහ යතුරු පැදිකරු නාගොඩ රෝහලට ඇතුළුත් කිරීමේ දී කාන්තාවන් දෙදෙනා මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ තෙන්කුට්ටි දිල්කි උදයන්ගනා නැමති වයස අවුරුදු 40 ක් වු කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක් හා හෙම්මාදුර ඉන්ද්‍රාවතී සිල්වා නැමති වයස අවුරුදු 60 ක් වු කළුවාමෝදර පදිංචිකාරියකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අංඩංගුවට ගෙන ඇති අතර අළුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News