කුෂ් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Share

කුෂ් (Kush) නැමැති ගංජා විශේෂයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 668 දරන ගුවන් යානයෙන් අද(31) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඇය විසින් රැගෙන එනු ලැබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ග්‍රෑම් 400 ක් බර මෙම ගංජා තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා සොයාගෙන අැත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News