රේගු වර්ජනය තවදුරටත්

Share

රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම සඳහා ඊයේ(30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය සිදු කරයි.

රජය විසින් ගෙන ඇති මෙම තීරණය වෙනස් කරන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ.

Read more

Local News