මුහුද හරහා ඉන්දියාවට පනින්න ගිය අයෙක් දැලේ

Share

නාවික හමුදාව විසින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ සිදුකළ පාමුර සංචාරයක් අතරතුර සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට සූදානමින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරු 49 හැවිරිදි පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි නාවික හමුදාව සඳහන් කරයි.

ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා මණ්ඩතිව් පොලිස් ස්ථානය වෙත බාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

Read more

Local News