කුඩු සමඟ තරුණයෙක් අත්අඩංගුවට

Share

මීගහකිවුල කන්දකැටිය හා ඒ අවට ප්‍රදේශයන්හි හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.

රුපියල් එක් ලක්ෂ පනස් දහසක‍් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 3950ක් අඩංගු පාර්සල් 55 ක් සමඟ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන අැත.

අත්අඩංගුවට ගත් 27හැවිරිදි තරුණයා මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු  බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

ඌව පළාත් දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News