රනිල්ට එරෙහි පෙත්සම් විභාගයේ විනිසුරුවරියක් ඉවත්වෙයි

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ඉවත්විමට වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය තීරණය කර තිබේ.

කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සම දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (31) දින කැඳවනු ලැබුවේය.

එහිදී වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කර ඇත්තේ තමන් මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව පෙත්සම සළකා බලන දිනය තීරණය කිරීම සඳහා එය හෙට දින වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන බවද විනිසුරුවරිය දැනුම් දී තිබේ.

Read more

Local News