වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරෝයින් රැගෙන ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
අදාළ බන්ධනාගාර සැරයන්වරයා පිළිබඳව සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ළඟ තිබී හෙරෝයින් ග්‍රෑම් 20ක්සොයාගෙන ඇත.
බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගත් බන්ධනාගාර සැරයන්වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසියට බාරදී තිබේ.