බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා, අනෙකුත් ආගම්වලට ද අගතියක් සිදු නොකරනවා – අගමැති

Share

අද (02) අරලියගහ මන්දිරයේ පැවැති 07වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති අතර ම ඒ හරහා අනෙකුත් ආගම්වලට ද අගතියක් සිදු නොකරන බවත් සාමයෙන් ජීවත්විය යුතුය යන්න බෞද්ධ දර්ශනයේ ම පණිවුඩයක් බවත් එය අප විසින් ලෝකය වෙත රැගෙන යා යුතු බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුදු දහමේ සාමයේ පණිවුඩය බවත් එ් තුළින් තමන් ජයගන්නේ කෙසේ ද යන්න උගන්වීම සිදු කරන බවත් කීය.
ඉන්දීය අශෝක අධිරාජ්‍යයා විසින් බෞද්ධ දර්ශනයට මහත් පිටුවහලක් ලබාදුන් අතර ම තමන් පුතු අත ශ්‍රී ලංකාව වෙත බුදුදහම මෙරටට එවූ අතර ම ඒ හරහා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ හැකි වූ බවත් පෙන්වා දුන්නේය.
අශෝක රජතුමා විසින් ශ්‍රී ලංකාවට පමණක් නොව ග්‍රීසිය මෙන් ඊජිප්තුවට පවා බුදු දහම රැගෙන ගිය බවත් ඒ හරහා බුදු දහමේ බලය ලොව පුරා ප්‍රචලිත වූ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News