ඉදිරියේදී ගුරු වෘත්තියට ඉහළ වැටුපක් සහිත වෘත්තියක් – අධ්‍යාපන අැමති

Share

බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ දී පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්ස්වයට එක් වු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඉදිරියේදී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් සහිත වෘත්තියක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව පවසයි.

ඉදිරියේ දී නව ගුරුවරුන් 15,000 ක් පමණ බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ලෙස විද්‍යා පීඨ සඳහා බඳවා ගැනෙන සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

සියලු වෘත්තීන් අතුරින් ශ්‍රේෂ්ඨතම වෘත්තිය වන්නේ ගුරු වෘත්තිය බවත් අනෙකුත් සියලු වෘත්තිකයින් බිහිකිරීමේ හැකියාව පවතින්නේ ද ගුරු වෘත්තියට පමණක් බවයි. එම නිසා රට තුළ පූර්ණ වශයෙන් පරිවර්තනයක් කිරීමේ හැකියාව ගුරුවරුන් සතුව පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම උත්සවයේ දී විවිධ විෂය දක්ෂතා දැක්වූ කොළඹ ආනන්ද බාලිකා සිසු දැරියන් වෙත අමාත්‍යවරයා අතින් සම්මාන, සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කෙරිණි.

Read more

Local News