අද කොළඹ තැන් කිහිපයකට වතුර නෑ

Share

කොළඹ අවට ප්‍රදේශ රැසකට අද පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(13) පෙරවරු 08.00 සිට හෙට(14) අළුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News